Search

කැන්බරා සංගීත ප්‍රසංග අතරතුර මත්පෙති පරික්ෂා යළිත්

කැන්බරා නගරයෙහි සංගීත ප්‍රසංග අතරතුර මත්පෙති පරික්ෂා ආරම්භ කර තිබෙනවා.

2019 පසු ප්‍රසංගයක් තුළ මත්පෙති පරීක්ෂාවක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන අතර රහස් මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

නොමිලේ මත් පෙති පරීක්ෂා සේවා සඳහා අදාළ රක්ෂණ ලබා ගැනීමට නොහැකි විම හේතුවෙන් මෙම සේවාව 2019 වසරෙන් පසු තාවකාලිකව නවතා දමා තිබුණා.

ඒ අනුව කැන්බරා සැණකෙළියට සමගාමීව සිකුරාදා දින සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වාත් අද දින පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වාත් මත්පෙති පරීක්ෂාව සිදු වනු ඇති.

දැනට සමාජය තුල අධි මාත්‍රීක මත්පෙති සංසරණය වෙමින් පවතින බව සදහන්.

මීට පෙර අවස්ථා කිහිපයක දීම සංගීත ප්‍රසංග අතර තුර මත්පෙති භාවිතයෙන් තරුණ තරුණියන් කිහිපදෙනෙකු මිය යෑමත් සමග නොමිලේ මත්පෙති පරික්ෂාවක් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබුණා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »