
Coles අලෙවිසැල් තුළ සිදුවන මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට සේවක සේවිකාවන්ගේ නිල ඇඳුමෙහි හඩ සහ දර්ශන පටිගත කෙරෙන කැමරා සවි කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියාව – ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්තවල හඳුනාගත් අවධානම වැඩි වෙළඳසැල් 30 ක පළමුවෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.
සිය වෙළඳසැල් තුළ සොරකම් මෙන්ම විවිධ පුද්ගලයන්ගෙන් සේවක සේවිකාවන්ට එල්ලවන තර්ජන බලපෑම් ඉහළයාම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි Coles නිවේදනය කර සිටින්නේ.

කෙසේවෙතත් මෙම කැමරා මගින් අඛණ්ඩව පටිගත කිරීම් සිදු නොවන අතර අවශ්‍ය වේලාවකදී ක්‍රියාත්මක කලහොත් පමණක් පටිගත කිරීම් සිදුවනු ඇති.
එමෙන්ම කිසියම් පාරිභෝගිකයෙකු ඉදිරියේදී එලෙස පටිගත කිරීම ආරම්භ කරන්නේ නම් ඔහු හෝ ඇය ඒ පිළිබඳ දැනුවත් කිරීමද අනිවාර්ය වනවා.
