ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කතගෙන් පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලට අලුත්ම යෝජනාවක්

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සුරැකීම සඳහා ද්විත්ව නගර යෝජනාවක් ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන ගිනා රයින්හාර්ටි විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් සහ පර්ත් නගරාධිපති බැසිල් සෙම්පිලස් ගේ සහය ඇතිව විසින් රටේ සෑම අන්තයන්ම නියෝජනය වන පරිදි ක්‍රිඩා පැවැත්වීම එහි අරමුණයි.

ඒ අනුව ක්‍රීඩා උළෙලෙහි පළමු සතියේ සත්කාරකත්වය ගෝල්ඩ් කෝස්ට් වෙතත් දෙවන සතියේ සත්කාරකත්වය පර්ත් වෙතත් පිරිනැමීමටයි යොජනා කර ඇත්තේ.

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලින් ඉවත්වීම සඳහා විශාල මුදලක් වැය කිරීම සහ ඔස්ටේ්‍රලියානු කීර්ති නාමයට වු කැළල ගැන බොහෝ පාර්ශව චෝදනා මතු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ජී-20 රාජ්‍යයන් අතර සාර්ථකම රාජ්‍යයක් වන බැවින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් සංවිධාන කිරීමට සහ අරමුදල් සැපයීමට නොහැකි වීම මත ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්ව ඇතැයි විචාරකයින් පවසනවා.

ද්විත්ව නගර යොජනා ක්‍රමය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම තරග පවත්වන නගර වලට ද වැඩි ප්‍රතිලාභ අත්වීම වාසි සහගත බවයි ගිනා රයින්හාර්ටි සඳහන් කර ඇත්තේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »