Search

වික්ටෝරියා පොලිස් නිලධාරීන්ගන් වේග සීමා කැමරා ඇති ස්ථාන ගැන ඉගියක්

ප්‍රාන්ත රජයට ආදායම අහිමිවන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට වික්ටෝරියා පොලිස් නිලධාරීන් සූදානම් වනවා.

ඒ අනුව වේග සීමා කැමරා ඇති ස්ථාන පිළිබඳ කලින් රියදුරන් දැනුවත් කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

රතු පැහැති ආලෝකයකින් සහ කැමරා ආසන්නයේ සිය වාහන නතර කර තැබීමෙන් එම දැනුම්දීම රියදුරන් වෙත සිදුකිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

පොලිස් සංගමයේ නිළධාරීන් අතර ඊයේ පැවති ඡන්ද විමසීමේදී මෙම යෝජනාවට පක්ෂව සියයට 99 ක් ඡන්දය භාවිත කර තිබුණා.

සියයට 04 ක වැටුප් වර්ධකයක් / සේවා කොන්දේසි ඉහළ දැමීම සහ පැය 09 ක සේවා මුරයක් ඉල්ලමිනුයි වික්ටෝරියා පොලිස් නිළධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සූදානම් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »