Search

බෝට්ටුවක් මගින් බටහිර ඔස්ට්‍රේලියාවට ආ 12 දෙනා නාවුරු දූපතට

බෝට්ටුවක් මගින් බටහිර ඔස්ට්‍රේලියාවේ කුඩා නගරයකට පැමිණ තිබූ පුද්ගලයන් 12 දෙනා ඉදිරි කටයුතු සඳහා නාවුරු දූපත වෙත යවා තිබෙනවා.

මෙම පිරිස පෙරේදා දිනයේදී ගොඩබිමට පැමිණිමත් සමග ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බලකාය විසින් සිය භාරයට ගෙන තිබුණා.

මොවුන් ඉන්දුනීසියාවේ සිට පැමිණ තිබූ නමුත් ඔවුන් ඉන්දුනීසියා ජාතිකයන් නොවන බවටයි හෙළිකර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙම බෝට්ටුව සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

විපක්ෂ ලිබරල් සන්ධානය චෝදනා කරන්නේ ලේබර් රජයේ දුර්වල ප්‍රතිපත්ති හමුවේ අනවසර සංක්‍රමණිකයන් රටට පැමිණෙන බවටයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »