NSW මාර්ගවලින් ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම් සපුරා ඇත්තේ 50% කටත් අඩු ප්‍රමාණයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග පද්ධති වලින් ඉහළ ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම් සපුරා ඇත්තේ සියයට 50 කටත් වඩා අඩු ප්‍රමාණයක් බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව සෑම කිලොමීටර 100 ක මාර්ග පද්ධති කොටසක් තුළ ඉහළම ආරක්ෂක ශ්‍රේණිගත කිරීම් සපුරා ඇත්තේ මීටර 300 වැනි දුර ප්‍රමාණයක් පමණක් බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු මාර්ග තක්සේරු වාර්තා අනුව හෙළිවී ඇත්තේ ජනාකීර්ණ ප්‍රාන්ත වල කිලෝමීටර 19,000 ක ප්‍රමාණයෙන් සියයට 0.3 ක් පමණක් තරු පහේ ශ්‍රේණිගතකිරීම් සපුරා ඇති බවයි.

මේ අතර සමස්ත මාර්ග ශ්‍රේණිගතකිරීම් වලින් සියයට 15 කට අඩු ප්‍රමාණයක් පළමු තරු පන්ති ශ්‍රේණිගතකිරීම් වලින් පහළ මට්ටමක පවතින බව සඳහන්.

සියයට 48 ක මාර්ග ප්‍රමාණයක් තරු තුනේ ශ්‍රේණිගත කිරීම් ද තවත් සියයට 29.2 ක් තරු දෙකෙහි ශ්‍රේණිගතකිරීම් ද සපුරා ඇති අතර සියයට 7.2 ක් තරු හතරෙහි ශ්‍රේණිගත කිරීම් සපුරා ඇති බවයි වාර්තා වන්නේ.

යාවත්කාලීන දත්ත අනුව පෙනී යන්නේ ඔස්ටේ්‍රලියාවේ ප්‍රතිසංස්කරණය කළ යුතු මාර්ග පද්ධති පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනතාවට ලැබී ඇති බවයි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අනාරක්ෂිත මාර්ග පද්ධතියක් ඇත්තේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයෙන් වන අතර එම අගය සියයට 44.6 ක්.

2023 වසරේ මේ දක්වා ගතවු කාලය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග අනතුරු වලින් සිදුවු අනතුරු වලින් පුද්ගලයින් 322 ක් මියගොස් ඇති අතර පසුගිය වසරේ සිදුවු රිය අනතුරු මරණ සංඛ්‍යාව 248 ක්.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »