දකුණු ඔස්ට්‍රේලියා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මර්ධනයට රාජකීය කොමිෂන් සභාවක් ඉල්ලයි

දකුණු ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මර්ධනය සඳහා රාජකීය කොමිෂන් සභාවක් ස්ථාපික කරන්නැයි පාර්ශව රැසක් ඉල්ලීම් කර තිබෙනවා.

වසරේ මේ දක්වා ගතවු කාලය තුළ ඔස්ටේ්‍රලියාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හමුවේ සිදුව ඇති කාන්තා මරණ ගණන 53 ක්.

පසුගිය සතියේදී පමණක් ගෘහස්ථ හිංසන සිදුවීම් හමුවේ දකුණු ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් 4 දෙනෙකුට ජීවිත අහිමි වී තිබුණා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට විරෝධය පල කරමින් දකුණු ඔස්ට්‍රේලියාවේ විරෝධතා පෙළපාලි රැසක් ද සංවිධාන කර තිබූ අතර විරෝධතාකරුවන් ප්‍රාන්ත පාර්ලිමේන්තු පරිශ්‍රය පවා අවහිර කර තිබුණා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසන පිටුදැකීම වෙනුවෙන් පත් කර ඇති ආයතනය අවධාරණය කළේ අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුලූ හිංසන සිදුවීම් විමර්ශණය සඳහා රාජකිය කොමිසමක් අත්‍යාවශ්‍ය බවයි.

කාන්තාවන් – ළමයින් ඇතුලූ ප්‍රචණ්ඩත්වය අත්විඳින සෑම පුද්ගලයෙකුගේම ආරක්ෂාව සළකා එම වෙනුවෙන් රාජකීය කොමිෂන් සභාවක් පිහිටුවීම සුදුසු බවටයි අදහස් පළවන්නේ.

කායික හා ලිංගික හිංසන සම්බන්ධයෙන් වැරදිකරුවන් වු අය අතුරින් සියයට 95 ක් පිරිමි පුද්ගලයන් බව සඳහන්.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කළ දත්ත අනුව පෙනී යන්නේ කාන්තාවන්ගෙන් 1/4 කට වැඩි පිරිසක් වයස අවුරුදු 15 සිට තම සහකරුවන් අතින් හිංසනයට ලක්වන බවයි.

මේ අතර ස්වදේශික කාන්තා හිසංන ප්‍රමාණය අනෙකුත් ඔස්ටේ්‍රලියානු කාන්තාවන්ට සාපේක්ෂව 08 ගුණයක ඉහළ අගයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »