ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේම නිවසක් මිලදී ගැනීම සඳහා වාර්ෂිකව ඩොලර් ලක්ෂ තුනකට වැඩි මුදලක් උපයා ගත යුතු බව නවතම අධ්‍යයනයකින් හෙලිව තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී පමණක් සිදුකළ නිවාස විකුණුම් 22,000 ක් විශ්ලේෂණය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මධ්‍ය පරිමාණ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයකුගේ වාර්ෂික ආදයම මෙන් නව ගුණයක් ඉපැයිය යුතු බවයි.
සාමාන්‍යයෙන් ගෝලීය මධ්‍ය පරිමාණ නිවාස ඒකකයක් සදහා වු අගය 3.0 වන අතර ඔස්ටේ්‍රලියාවේ එම අගය 9.1 ඉක්මවා තිබීම බරපතල තත්වයක් වනු ඇති.
මෙම තත්වය මත ඔස්ට්‍රේලියානුවෙකුට නිවාස හිමිකම් සදහා වු හැකියාව ඉතාමත් පහළ අගයක් ගන්නා බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
සිඩ්නි හි උතුරු කලාපයේ නිවසක් මිළදී ගැනීමට අවශ්‍ය මධ්‍ය ආදායම වාර්ෂිකව ඩොලර් ලක්ෂ 06 ක් වන අතර නගරයෙන් පිටත බ්ලු මවුන්ටන් ආශ්‍රිත ප්‍රදේශයෙහි නිවසක් මිලදී ගැනීම සදහා වාර්ෂිකව ඩොලර් ලක්ෂ 3 කට ආසන්න මුදලක් ඉපැයිය යුතුයි.
මේ අතර මෙල්බන් නගරයේ නිවසක් මිලදී ගැනීම සඳහා වාර්ෂික ඉතිරිකිරිම් ඩොලර් ලක්ෂ 4 ක් ඉක්මවිය යුතු අතර ජීලොන්ග් හි නිවාස මිල ගණන් සඳහා වාර්ෂිකව ඩොලර් ලක්ෂ දෙකහාමාරක මුදලක් ඉපැයීමට සිදුවනු ඇති.
ගෝල්ඩ් කෝස්ට් හි නිවසක් මිලදි ගැනීම සඳහා වසරකට ඩොලර් 282,500 ක මධ්‍යස්ථ ආදායමක් පැවතිය යුතු අතර දැරිය හැකි මිල තරමක් පහළ අගයක් ගත් නගරය බි්‍රස්බන් ලෙසයි නම්කර ඇත්තේ.
කෙසේ වෙතත් විචාරකයින් පෙන්වා දෙන්නේ නිවාස අර්බුදය ඔස්ටේ්‍රලියාවේ ප්‍රමුඛතම ගැටලුව බවට පත්ව ඇති අතර ඒ සඳහා ස්ථාවර විසදුම් ඇති කිරීම අත්‍යවශ්‍ය බවයි.