බන්ධනාගාරවලින් නිදහස් කරන්නන්ට විද්‍යුත් පා පළඳනා අසාර්ථක බව QLD පොලිසිය කියයි

බන්ධනාගාරවලින් නිදහස් කල පුද්ගලයින් නැවතත් වැරදි කිරීම වළක්වාලීම සඳහා හඳුන්වා දුන් විද්‍යුත් පා පළඳනා ක්‍රමය, අපරාධ පාලනය සඳහා සුදුසු ක්‍රමයක් නොවන බව ක්වින්ස්ලන්ඩ් පොලීසිය පවසනවා.

තරුණ යුක්තිය ප්‍රතිසංස්කරණ තේරීම් කාරක සභාව ඉදිරිපත් කල දත්ත අනුව මෙලෙස නිදහස් කල පුද්ගලයින් අතුරින් තුනෙන් එකක් ඇප කොන්දේසි කඩ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අතර නීති විරෝධී ලෙස මෝටර් රථ භාවිතය, සංචාරණ සීමා පනවා ඇති කලාපයෙන් පිටත නිකරුනේ ගැවිසීම ඇතුලූ චෝදනා රැසක් වන බව සඳහන්.

රැඳවුම් මධ්‍යස්ථාන තදබඳය හේතුවෙන් නිදහස් කළ පුද්ගලයින්ට විද්‍යුත් පා පළඳනා පැලදීම අනිවාර්ය කර තිබු අතර ඔවුන් යොදාගනිමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ 2018 වසරේදීයි.

තරුණ වැරදිකරුවන් හට පණවා ඇති දඩුවම් දැඩි කිරීමට අදාළ යෝජනාවේ එක් කොටසක් ලෙස මෙය හඳුන්වා දී තිබුණා.

ක්වින්ස්ලන්ඩ් බළධාරීන් සඳහන් කළේ තරුණ අපරාධකරුවන් අදාළ විද්‍යුත් පා පළඳනා පැලදීමේ නියෝග කඩ කරන බැවින් එය තවදුරටත් භාවිත කරන්නේද යන්න පිළිබඳ නැවතත් සිතා බැලිය යුතු කාලය එළැඹ ඇති බවයි.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »