Search

අඩු ආදායම්ලාභී පවුල් සඳහා childcare සේවා නොමිලේ දෙන්නැයි ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලූ childcare සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වාර්ෂික ආදායම ඩොලර් 80,000 හෝ ඊට අඩු පවුල් සඳහා දැනය පවතින සියයට 90 ක සහනාධාරය සියයට 100 දක්වා ඉහළ නංවා සියලූ පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි දන්වා ඇත්තේ.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා වු පුරප්පාඩු පිරවීම සඳහා වැඩි පිරිසක් ශ්‍රම බලකායට සම්බන්ධකර ගැනීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධන පහසුකම් නොමිලේ ලබා දීම වඩාත් සුදුසු බව ඵලදායිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.

ළමාරක්ෂක සේවක හිÛය පියවීම සඳහා ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට ඇති බාධා ඉවත් කිරීම – ගුරු අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශයන් අත්හදා බැලීම – විශ්ව විද්‍යාල ඇතුලූ උසස් අධ්‍යාපන ආයතන තුල මේ සම්බන්ධ උපදේශණ සේවා පුලූල් කිරීම වැනි යෝජනා රැසක් ඵලදායිතා කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මුල් ළමාවිය අධ්‍යාපන ශ්‍රම බලකාය පුළුල් නොකර අදාළ යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

මේ අතර ප්‍රාන්ත සහ ප්‍රදේශ රැසක පෙර පාසැල් / දිවා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම මගින් කාර්ය මණ්ඩල සඳහා වු ඉල්ලූම වැඩි කිරීමට ද හේතු විය හැකි බවයි පැවසෙන්නේ.

සෑම වසර තුනකට වරක් මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් පිළිබඳ විමසුමක් සිදු කල යුතු අතර ලාභය සහ පිරිවැය විමර්ශණය කිරීම වැදගත් බව කොමිසම විසින් ෆෙඩරල් රජයට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධ මහජන අදහස් හා උපදේශන සේවා ලබා ගැනීමේන් අනතුරු 2024 ජුනි මාසයේදී අවසන් වාර්ථාවක් ඵලදායිතා කොමිෂන් සභාව විසින් ලබා දීමට නියමිතයි.

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »