Search

අකුණු කාළගුණයත් සමග අද වික්ටෝරියා ප්‍රදේශ රැසක ඇදුම රෝගීන්ගේ ඉහළයාමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක අද දිනයේදී අකුණු සහිත කාළගුණයත් සමග ඇදුම රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන බවට අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව මලී – විමේරා සහ වික්ටෝරියා මධ්‍යම යන ප්‍රදේශවල ජනතාවට වැඩි අවධානයෙන් පසුවන ලෙසයි දන්වා ඇත්තේ.

අකුණු සහිත කාළගුණය හමුවේ පසුගි සතිය තුළදී ඇදුම සම්බන්ධ රෝගාබාධ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ 200 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබුණ.

එය සාමාන්‍ය අගයට වඩා 05 ගුණයක පමණ ඉහළයාමක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා වායුගෝලයේ පිදුරු සහ මල් පරාග ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබීමයි මීට හේතුව වන්නේ.

සුළං සමග ඒවා ප්‍රාන්තය පුරා වායුගෝලයේ පැතිරයාම රෝගීන් සංඛ්‍යාව ඉහළයාමට හේතුවී තිබෙනවා.

ඇදුම රෝගීන්ට හැකිතාක් නිවෙස් තුළටම වී සිටින ලෙසත් වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් දන්වා සිටිනවා.