ටස්මේනියානු ප්‍රාන්තයට ඩොලර් බිලියන 1.3 ක ආදායක් උපයාදෙන සැමන් නිශ්පාදන කර්මාන්තය වැසී යාමේ අවධානමකට ලක්ව තිබෙනවා.
කලාපයට ආවේණිකවු මත්ස්‍ය විශේෂ කිහිපයක් වඳවීයෑමේ තර්ජනයකට මුහුණ දීම ඇතුලූ පාරිසරික සාධක මුල් කරගනිමින් පාරිසර කණ්ඩායම් කිහිපයක් ප්‍රානත් බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.
මේ හේතුවෙන් ටස්මේනියා පරිසර අමාත්‍යවරිය විසින් සැමන් කර්මාන්තයට අනතුරු ඇගවීමක් සිදු කර ඇති අතර වෙරළබඩ කළාපයේ ජීවත්වන ජනතාව තම වෘත්තිය සම්බන්ධයෙන් බියෙන් පසුවන බව සඳහන්.
මේ අතර මැකර්රි වරායේ මත්ස්‍ය මෙහෙයුම් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට ෆෙඩරල් රජය සුදානම් වනවා.
කෙසේවෙතත් ටස්මේනියා ප්‍රාන්ත ජනතාව පවසන්නේ වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇතැයි කියන මත්ස්‍ය විශේෂයන්ට බලපෑමක් නොවන පරිදි තම වෘත්තීය දිගටම කරගෙන යෑමේ ස්ථාවරයක සිටින බවයි.
ඔස්ටේ්‍රලියාවට අවශ්‍ය සැමන් මත්ස්‍යයින්ගෙන් සියයට 90 ක්ම වෙළඳපළට සපයන්නේ ටස්මේනියා ප්‍රාන්තයෙන් වන අතර අදාළ සීමා පැනවීමෙන් මෙරට සමස්ථ සැමන් නිශ්පාදන කර්මාන්තයටම බලපෑමක් සිදුවනු ඇති.