ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොණු කිරීමේදී ඔස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් විසින් හේතුවකින් තොරව කටයුතු කර ඇති බවට අධිකරණය විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අනුව නඩු කටයුත්ත සඳහා වියදම් වූ සියලු මුදල් නැවත අය කර ගැනීමට ධනුෂ්ක ගුණතිලකට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇති.
ඒ සඳහා වන ලිඛිතමය අවසරය ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන ලෙසටත් සිඩ්නි අධිකරණයක් අද දිනයේදී පොලිස් නිළධාරීන් වෙත නියම කර තිබෙනවා.
පසුගිය වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර තරුණියකට ලිංගික අතවර සිදුකල බවට වන චෝදනාවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරුණේ මීට සති කිහිපයකට ඉහතදීයි.
එහිදී අදාළ චෝදනා ගොණු කිරීමට පෙර නිවු සවුත් වේල්ස් පොලිස් අංශ විසින් කිසිදු කරුණු සොයා බැලීමක් සිදුකර නොමැති බවටයි අද අධිකරණය හමුවේ අනාවරණය වී ඇත්තේ.