නිව් සවුත් වේල්ස්හි උතුරු වෙරළ තීරය දින පහේ lockdown එකේ පළමු දිනය අදයි! 

නිව් සවුත් වේල්ස්හි උතුරු වෙරළ තීරය දින පහේ lockdown එකේ පළමු දිනය අදයි! 

COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian ඊයේ(19/12) මධ්‍යම රාත්‍රියේ සිට NSWහි උතුරු වෙරළ තීරය දින පහක lockdown තත්වයකට පත්වන බවට​ ප්‍රකාශයට පත් කළාය​.

NSW හි උතුරු වෙරළ තීරය දින පහක තීරණාත්මක lockdown කිරීමේ පළමු දිනට ඇතුළු වී ඇති අතර විශේෂඥයෙකු පවසන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඉවතට මෙම ආසාදිතයින් ගේ බලපෑම අවම කර ගැනීමට මෙම නීති පියවර ඉතා වැදගත් වන බවයි.

ඇවලාන් RSL හා ඇවලෝන් Bowlo සමඟ සම්බන්ධ වූ කොරෝනා පොකුර 38 දක්වා වර්ධනය වීමෙන් පසු NSW අගමැති  කලාපයේ පදිංචිකරුවන් සඳහා සෙනසුරාදා සිට අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවැසින් බැහැර වීම තහනම් කොට ඇත​.

ඊයේ සවස 5:00 සිට බදාදා රාත්‍රී 11:59 දක්වා නිවැසියන් නිවසේ රැඳී සිටිය යුතු අතර රැකියාව, සාප්පු සවාරි, වෛද්‍ය ප්‍රතිකාර, සානුකම්පිත හේතු සහ ව්‍යායාම වැනි අත්‍යවශ්‍ය හේතු සඳහා පමණක් පිටත්ව යා හැකි වේ.

ඉහත සඳහන් හේතුන් මත මිස උතුරු වෙරළ තීරයට ඇතුළු වීමට ජනතාවට අවසර නැත. මහජන සෞඛ්‍ය නියෝග උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට ඩොලර් 1,000 ක දඩයක් නියම කළ හැකිය.

NSW උතුරු වෙරළ තීරයේ නගරාධිපති මයිකල් රේගන් පැවසුවේ ප්‍රජාව මෙම සීමාවන්ට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි.
නත්තල් උත්සවය සඳහා යථා තත්ත්වයට පත්වීම සහ දැඩි ලෙස පීඩාවට පත් දේශීය ව්‍යාපාර සඳහා ජනතාව යොමු වී ඇති හෙයින් තත්වය පුළුල් ලෙස පිළිගැනීමක් ඇති බව ඔහු පැවසීය.

කොරෝනා සායන පරීක්ෂා කිරීමේදී දිගු පෝලිම් තිබුනද අතිරේක සායන එකතු කිරීම සඳහා කවුන්සිලය NSWHealth සමඟ කටයුතු කරන බව ඔහු පැවසීය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »