NSW අගමැති ඉල්ලීම නොසළකා හැර උසස් පාසල් සිසුන් සිඩ්නි විරෝධතාවල

නිවු සවුත් වේල්ස් අගමැතිවරයාගේ ඉල්ලීම නොසළකා හරිමින් උසස් පාසල් සිසුන් සිය ගණනක් සිඩ්නි නගරයේ ස්ථාන කිහිපයක පලස්තීන හිතවාදී විරෝධතාවල නිරත වනවා.

එයින් බහුතරය 12 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවටයි තහුවරු කරගෙන ඇත්තේ.

යුධ ගැටුම් හමුවේ ගාසා තීරයේ දරුවන්ට අධ්‍යාපනය අහිමි වී ඇති වාතාවරණයකදී තමන්ට සුවපහසු පන්ති කාමරවල ඉගෙනුම ලබන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

කෙසේවෙතත් පාසල් තුළට දේශපාලනය ගෙන ඒමෙන් වළකින්නැයි නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් උසස් පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙල්බන් – ඇඩිලේඩ් ඇතුලු සෙසු නගරවලද පලස්තීන හිතවාදී විරෝධතා අද දිනයේදී සංවිධාන කර ඇති බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »