Search

බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්න නගරයකට ආ බෝට්ටුවක් ගැන පුලුල් විමර්ශනයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්න කුඩා නගරයකට පැමිණ ඇති බෝට්ටුවක් සම්බන්ධයෙන් බළධාරීන් විසින් පුලුල් විමර්ශනයක් ආරමභ කර තිබෙනවා.

12 දෙනෙකුගෙන් සමන්විත මෙහි පැමිණ ඇත්තේ අනවසර සංක්‍රමණිකයන්ද නොඑසේනම් අතරමංවූ ධීවරයන් පිරිසක්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

නිල නොවන වාර්තා පවසන්නේ මෙම බෝට්ටුව ඉන්දුනීසියාවේ සිට පැමිණ ඇතත් එහි සිටිනුයේ ඉන්දුනීසියා ජාතිකයන් නොවන බවයි.

කිසියම් අයුරකින් මෙහි සිටිනුයේ අනවසර සංක්‍රමණිකයන් නම් පසුගිය වසරේ මැයි මාසයේ ලේබර් පක්ෂ රජය බලයට පැමිණිමෙන් පසු බෝට්ටු මගින් මෙරටට පැමිණි 10 වන කණ්ඩායම ඔවුන් වනු ඇති.

මේ අතර විපක්ෂ ලිබරල් සන්ධානය චෝදනා කරන්නේ ලේබර් රජයේ ලිහිල් සංක්‍රමණ ප්‍රතිපත්ති හමුවේ මෙලෙස අනවසර සංක්‍රමණිකයන් පැමිණීම දිරිමත් වී ඇති බවයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »