Victorian Sick Pay Guarantee ක්‍රමය 2025 මාර්තු දක්වා දීර්ඝ කරයි

Victorian Sick Pay Guarantee යෝජනා ක්‍රමය ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තය තුල සුදුසුකම් ලත් casual සහ කොන්ත්‍රාත් සේවකයින් හට වැටුප් සහිත නිවාඩු ලබාගත හැකි නියමු වැඩසටහන 2025 මාර්තු 13 දක්වා දීර්ඝ කර තිබෙනවා.

තමා අසනීප වීම මත හෝ වෙනත් අයකු රැකබලාගැනීමට සිදු වීමෙන් රැකියාවට යාමට නොහැකි වූ විට ඔවුනට වැටුප් ලබාදීම මෙහිදී සිදුවනවා.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තය අසනීප සහ රැකවරණ වැටුප් ලබා දෙන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තයබවට වික්ටෝරියා පත්වනු ඇති.

ප්‍රාන්ත රජය මගින් වසර තුනක නියමු වැඩසටහන සඳහා සම්පූර්ණ අරමුදල් සපයනු ලැබීම විශේෂත්වයක්.

මෙම අසනීප සහ රැකවරණ වැටුප් සඳහා casual සහ කොන්ත්‍රාත් සේවකයින් සපුරාලියයුතු සුදුසුකම් කිහිපයක්ද වනවා.

වයස අවුරුදු 15 හෝ ඊට වැඩි විය යුතු අතර වික්ටෝරියා ප්‍රාන්තය තුල රැකියාව සිදු කල යුතුයි.

ඔස්ට්‍රේලියාව තුල රැකියා කිරීම සඳහා අයිතියක් තිබිය යුතු අතර සුදුසුකම් ලත් රැකියාවක සාමාන්‍යයෙන් සතියකට පැය 7 1/2 ක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවේ නිරත විය යුතු වනවා.

වෙනත් කිසිදු රැකියාවක වැටුප් සහිත අසනීප සහ රැකවරණ හිමිකම සඳහා ප්‍රවේශය නොමැති වීමද තවත් කොන්දේසියක්.

(SBS)

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »