ක්වීන්ස්ලන්ඩ් කාන්තාවන්ටද නිවසේදී සිදුවන දරු උපත් සඳහා දීමනාවක්

නිවසේදී සිදුවන දරු උපත් සඳහා රජයේ දීමනාවක් ලබා ගැනීමේ අවස්ථාව ක්වීන්ස්ලන්ඩ් කාන්තාවන්ටද උදාවී තිබෙනවා.

ඒ අනුව සෙසු ප්‍රාන්ත රැසක ගර්භණි කාන්තාවන්ට දැනටමත් හිමිවී ඇත මෙම වරප්‍රසාදය ඔවුන්ටද ලැබීමට නියමිතයි.

සමස්ත ඔස්ටේ‍රිලියාව පුරා නිවෙස් තුළදී සිදුවන දරු උපත් සංඛ්‍යාව 2018 වසරේ සිට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

එහෙත් ඒ වෙනුවෙන් පුද්ගලික සාත්තු සේවිකාවකගේ සහය ගැනීම වෙනුවෙන් එක් කාන්තාවකට අවම වශයෙන් ඩොලර් 6,000 ක පමණ පිරිවැයක් වැයවනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදීමට නියමිත නව අවසරයත් සමග අඩු අවධානම් ගැබිණි කාන්තාවන්ට නිවසේදී සිය දෙවන දරු ප්‍රසූතිය සිදුකල හැකි අතර ඒ වෙනුවෙන් දීමනාවක්ද ලබාදීමට පියවර ගැනෙනු ඇති.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »