NSW රියදුරන්ට වට්ටම් ගැන යළි සිහි කැඳවීමක්

නිව් සවුත් වේල්ස් මාර්ග භාවිත කරන මෝටර් රථ රියදුරන් හට තමන්ට නියමිත වට්ටම් ප්‍රාන්ත රජයෙන් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

හිටපු ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටෙ විසින් වසර මුලදී ඩොලර් බිලියන 7ක ජීවන වියදම් සහන පැකේජයක් හඳුන්වා දුන් අතර එහි එක් කොටසක් ලෙසයි මාර්ග ගාස්තු සහනය හඳුන්වා දී ඇත්තේ.

2022-2023 මූල්‍ය වර්ෂය සදහා සුදුසුකම් ලත් රියදුරන් හට ඩොලර් 750ක් දක්වා උපරිමයකට අයත්ව වට්ටම් ලබා ගැනීමට හැකියාව පවතින අතර මාර්ග භාවිතයේ දී අවම වශයෙන් ඩොලර් 375ක් වියදම් කර තිබීම අනිවාර්ය වනවා.

2023 – 2024 මූල්‍ය වර්ශය සදහා ඩොලර් 802ක වට්ටම් ලබා ගැනීමට රියදුරන්ට අවස්ථාව හිමිවන අතර වැය කල යුතු අනිවාර්ය අගය ඩොලර් 402ක් වනු ඇති.

කෙසේ වෙතත් අදාළ වට්ටම් අදාළ මූල්‍ය වර්ශය අවසනයේ ලබා ගැනීමට රියදුරන් දැනුවත් කර ඇති අතර 2022 -23 මූල්‍ය වර්ශයට අදාළ වට්ටම් ලබා ගැනීමේ අවසන් දිනය 2024 ජුනි 30 වනදායින් අවසන් වනවා.

රියදුරන් හට අදාළ වට්ටම් හිමිකම් සෑම මාස 03 කට , 06 කට සහ 09 කට වරක් හිමිවන අතර එසේත් නැති නම් අදාළ හිමිකම් වසර අවසානයේ එකවර ලබාගැනීමේ හැකියාවද පවතිනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »