Search

අද සිට දින 04 ක Black Friday දීමනා සමයේදී ඔස්ට්‍රේලියානුවන් $ බිලියන 6.36 ක් වියදම් කරයි

අද සිට ආරම්භ වන දින 04 ක Black Friday දීමනා සමයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් ඩොලර් බිලියන 6.36 ක වාර්තාගත මුදලක් වියදම් කරනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

එය පෙර වසරට වඩා සියයට 03 ක් එනම් ඩොලර් මිලියන 188 ක ඉහළයාමක් වනු ඇති.

කෙසේවෙතත් වාර්තාගත ඉහළ විකුණුම් ආදායමක් අපේක්ෂා කල ද සමීක්ෂණ වාර්තා අනුව හෙළිවන්නේ දැනට පවතින ඉහළ පොලී අනුපාතිකයන් හේතුවෙන් අපේක්ෂිත ලාභයක් ලබාගත නොහැකි බවයි.

එළඹෙන උත්සව සමයේදී පුද්ගල වියදම් දුර්වල මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබීම භට හේතුවයි.

විශේෂයෙන් පාරිභෝගිකයින් මෙවර නත්තලේ තම වියදම් කපා හැරීමට සුදානම් වන අතර පසුගිය වසරට සාපේක්ෂව පාරිභෝගියකින්ගෙන් සියයට 40 ක් පමණ අඩුවෙන් වියදම් කිරීමට සුදානම් බව අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

භාණ්ඩ හා සේවා වල පවතින ඉහළ පිරිවැය හේතුවෙන් දීමනා වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පාරිභෝගියකින් අතර පවතිනවා.

එබැවින් Black Friday දිනයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවි කරන වංචනික වෙබ් අඩවි පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක් කර ඇත්තේ.

මේ වන විටත් ව්‍යාජ අලෙවිකරණ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2ඬ760 ක් පමණ ලැබී ඇති අතර 2023 වසරේ පමණක් ව්‍යාජ වෙබ් අඩවි හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට සිදු වු පාඩුව ඩොලර් ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.

මේ අතර ඉදිරි මාස 12ක කාලය තුළ පොලී අනුපාතිකය තවදුරටත් ඉහළ යනු ඇතැයි ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 70ක් පමණ විශ්වාසය පල කරන අතර එම අගය පසුගිය මාසයේ සියයට 60 ක් ලෙස පැවති බව සඳහන්.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »