Search

ක්වන්ටාස් හිටපු CEO ඇලන් ජොයිස් ට තවත් $ මිලියන ගණනක ප්‍රසාද දීමනා පැකේජයක්

ක්වන්ටාස් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් හට තවත් ඩොලර් මිලියන ගණනක් වටිනා ප්‍රසාද දීමනා පැකේජයක් හිමිවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජොයිස් ට අමතර ඩොලර් මිලියන 06 ක ප්‍රසාද දීමනාවක් හිමිවන අතර ගතවූ වසරක කාලයට අදාළව ඔහුට ලැබෙන මුලූ මුදල ඩොලර් මිලියන 28 ඉක්මවනු ඇති.

ඇලන් ජොයිස් හට ප්‍රසාද දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් ක්වන්ටාස් කාර්ය මණ්ඩලයෙන් දැඩි විවේචන මතුව ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගත සමයේ නීතිවිරෝධී ලෙස සේවකයින් 1700 දෙනෙකු සේවයෙන් පහ කිරීමත් – නීති විරෝධි අයුරින් ගුවන් ප්‍රවේශපත් විකිණීම ඇතුලූ චෝදනා රැසක් ඇලන් ජොයිස්ට විරුද්ධව ඉදිරිපත්ව තිබුණා.

වසර 15 කට අධික කාලයක් පුරා ක්වන්ටාස් ගුවන් සේවයේ දැරූ විවිධ තනතුරුවලට අදාළව ඇලන් ජොයිස් ට ලැබුණු මුලූ ඉපැයීම ඩොලර් මිලියන 150 ඉක්මවා තිබෙනවා.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »