ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් බාධා දෙසැම්බර් දක්වා පවතිනු ඇති බවට අනාවැකි

කාළගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් සඳහා බාධා එල්ලවීම ලබන දෙසැම්බර් මස දක්වා පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ගුවන් සමාගම් විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඒ අනුව ගුවන් ගමන්වාර ප්‍රමාද කිරීම සහ අවලංගු කිරීම් අඛණ්ඩව පවතිනු ඇති බවයි.

මේ වන විට ගුවන් ගමන්වාර වලින් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති අතර ඇතැම් ගුවන් ගමන් අවලංගු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

යටිතල පහසුකම් හා ප්‍රවාහන ආර්ථික කාර්යාංශ දත්ත අනුව ක්වන්ටාස් ගුවන් සමාගම පසුගිය ඔක්තෝබර් මස ගුවන් ගමන් වලින් සියයට 4.3 ක් අවලංගු තර ඇති අතර ජෙට් ස්ටාර් ගුවන් සේවය නියමිත වේලාවට ගුවන්යානා පැමිණීම අතින් වඩාත් දුර්වල තත්වයක සේවාවක් ලෙස නම් කර තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් මගීන් ගුවන්තොටුපල පරිශ්‍රතුල දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර වැඩි කාලයක් රැදී සිටීමට සිදුව ඇති බව සඳහන්.

සිඩ්නි සිට ආමිඩේල් දක්වාත් මෙල්බන් සිට සිඩ්නි දක්වා මාර්ගයත් වැඩිම බාධාවන්ට ලක්වන ගුවන් මාර්ග 02 ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයට සමගාමීව සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා ක්වන්ටාස් හා වර්ජීන් ගුවන් සේවා විසින් අමතර කාර්ය මණ්ඩල යෙදවීම් සහ අමතර ගුවන් යානා සුදානම් කර තැබීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »