සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ICC නව නීති ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඉවත දමයි

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සදහා සහභාගීවීම තහනම් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා ගත් තීරණය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ශේප කර තිබෙනවා.

ඒ අනුව අයි සී සී ය විසින් ඊට අදාළ ප්‍රතිපත්ති මාලාවක් පසුගිය අගහරුවා දා නිකුත් කිරීමත් සමග එම ප්‍රතිපත්ති බලාත්මක කිරීමට එකග නොවන බවයි ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය අවධාරණය කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දේශීය ක්‍රිකට් ක්‍රිඩාවේ දී සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයින් සම්බන්ධ රෙගුලාසි කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයින් කිසිදු ආකාරයේ වෙනස්කමකට භාජනය නොවිය යුතු අතර එම ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කල යුතු බව ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණා.

විශේෂයෙන් පිරිමි සංක්‍රාන්ති ලිංගිකයින් සදහා මින් වැඩි බලපෑමක් සිදුවන අතර සංක්‍රාන්ති ලිංගික සංගම් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති නව තහනම හේතුවෙන් ලොව පුරා වෙසෙන මිලියන ගණනක සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩකයින් සදහා දැඩි බලපෑමක් එල්ල වන බවයි.

කෙසේ වෙතත් අයි සී සී ය අවධාරණය කර ඇත්තේ මාස 9 ක උපදේශන කාලයකින් අනතුරුව අදාළ ප්‍රතිපත්තී බලාත්මක කිරීමට පියවර ගත් අතර කාන්තා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »