Search

පලස්තීනයට සහය පළකර මෙල්බන් උසස් පාසල් රැසක සිසුන් විරෝධතාවයක

පලස්තීනයට සහය පළකරමින් මෙල්බන් හි උසස් පාසල් රැසක සිසුන් ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් දුම්රිය ස්ථානය අසල විරෝධතාවයක නිරත වනවා.

ඊශ්‍රායලය විසින් සිදුකරන පහරදීම් වහා නතර කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් අධ්‍යයන කටයුතුවලට සහභාගී නොවී මෙවැනි දෑ සඳහා කටයුතු කිරීම අනුමත නොකරන බවයි වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් අවධාරණය කරන්නේ.

ඇඩිලේඩ් නගරයේදීත් උසස් පාසල් සිසුන් විසින් අද දිනයේදී මෙලෙසම පලස්තීනයට සහය පතා විරෝධතාවයක් සංවිධාන කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර හෙට සිඩ්නි නගරයේ සංවිධාන කර ඇති පලස්තීන හිතවාදී රැළියකට සහභාගීවීමෙන් වළකින්නැයි නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ප්‍රාන්තයේ ගුරුවරුන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පාසල් කාල වේලාවන් තුළදි ගුරුවරුන් දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය ස්වභාවයක පසුවිය යුතු බවටද නිවු සවුත් වේල්ස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර සිකුරාදා දිනයේදී ඉගැන්වීම් සඳහා සහභාගී නොවී පලස්තීන හිතවාදී විරෝධතාවයකට සහභාගී වන්නැයි සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන ප්‍රචාරයන්ට හසු නොවන්නැයිද නිවු සවුත් වේල්ස් අධ්‍යාපන බළධාරීන් දන්වා සිටිනවා.

ඊශ්‍රායල – පලස්තීන අර්බුදය ආරම්භවීමෙන් පසු ගතවූ සති 06 ක කාලය තුළදී සිඩ්නි නගරයේදී පවත්වා ඇති විරෝධතා ගණන 73 ක් බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මේ අතර පලස්තීන ජාතිකයන් 860 දෙනෙකුට ගතවූ සති කිහිපය තුළදී තාවකාලික ඔස්ට්‍රේලියා වීසා පිරිනමා ඇති බව ෆෙඩරල් රජය අනාවරණය කරනවා.

වීසා නිකුත් කෙරුණු පලස්තීන ජාතිකයන්, ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි විදේශ ඇමතිනී පෙනී වොංග් අවධාරණය කලේ.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »