ඉදිරි වසර 50 දී ඔස්ට්‍රේලියා ජනගහණය තවත් මිලියන 08 – 20 ත් අතර අගයකින් ඉහළට

POPULATION

ඉදිරි වසර 50 තුළදී ඔස්ට්‍රේලියා ජනගහණය තවත් මිලියන 08 ත් 20 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවට සංඛ්‍යාලේඛණ කාර්යාංශය පුරෝකථනය කරනවා.

ඒ අනුව 2022 වසරේදී මිලියන 26 ක් ලෙස පැවති මෙරට සමස්ත ජනගහණය 2071 වසර වනවිට මිලියන 34.3 ත් 45.9 ත් අතර අගයකට වැඩ විය හැකි බවටයි නවතම දත්ත වල දැක්වෙන්නේ.

මෙරට ජනතාවගේ මධ්‍යයන වයස දැනට අවුරුදු 38 ක් ලෙස පවතින අතර එය ඉදිරි වසර 50 දී අවුරුදු 43 ත් 47 ත් අගර අගයකට ඉහළ යා හැකි බව සඳහන්.

මේ වනවිට වසරකදී ඔස්ට්‍රේලියාවේ සිදුවන උපත් සංඛ්‍යාව 284,700 ක් ලෙස පවතින අතර එය 2071 දී 482,700 ක් දක්වා වැඩි වනු ඇති.

වාර්ෂික මරණ ගණන 378,200 සිට 402,800 දක්වා ඉහළ යා හැකි බවටද පුරෝකථනය කර තිබෙනවා.

ඉදිරි වසර 50 තුළදී මෙරට සංක්‍රමණිකයන්ගේ වැඩිවීම මිලියන 9.2 ත් 14.1 ත් අතර අගයකින් වැඩිවනු ඇති බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසා සිටින්නේ.

ජනගහණය වැඩිම නගරය බවට 2071 වනවිට මෙල්බන් පත්වනු ඇත්තේ 2032 ත් 2046 ත් අතර කාලයේදී මිලියන 6.5 ත් 9.9 ත් අතර ජනගහණයක් සටහන් කරමිනුයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »