සැප්තැම්බරයේදී ඔස්ට්‍රේලියානු සේවකයන්ට $ බිලියන 99.6 ක වැටුප්

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු සේවකයන් සඳහා ගෙවා ඇති සමස්ත වැටුප් ප්‍රමාණය ඩොලර් බිලියන 99.6 ක් බවට තක්සේරු කර තිබෙනවා.

එය අගෝස්තු මාසයට වඩා සියයට 3.8 කින් හෙවත් ඩොලර් බිලියන 3.7 කින් සහ 2022 වසරේ සැප්තැම්බර් මාසයට වඩා සියයට 8.4 ක් හෙවත් ඩොලර් බිලියන 7.7 ක වැඩිවීමක් බව සඳහන්.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත අනුව පෙනී යන්නේ අධ්‍යාපන සහ පුහුණු යන ක්ෂේත්‍ර හැර අනෙකුත් සෑම අංශයකම සේවකයන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් මුදල් ප්‍රමාණයන්ගේ ඉහළයාමක් සැප්තැම්බරයේදී සටහන්වී ඇති බවයි.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදි ගෙවා ඇති වැටුප්වල වැඩිම ඉහළයාම පෙන්නුම් කරන්නේ බටහිර ඔස්ට්‍රේලියාව වන අතර එය සියයට 4.7 ක්.

පතල් කර්මාන්ත සේවකයන් විශාල පිරිසකට ප්‍රසාද දීමනා ගෙවා තිබීම ඊට හේතුවයි.

ගෙවා ඇති වැටුප්වල අඩුම ඉහළයාම පෙන්නුම් කරන්නේ Northern Territory වන අතර එය සියයට 0.5 ක්.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »