Search

අනවසර සංක්‍රමණිකයන්ට පළඳනා සවි කිරීම නීති විරෝධී බවට මහාධිකරණයට අභියෝගයක්

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ අනවසර සංක්‍රමණිකයන් සිටින ස්ථාන දැන ගැනීමට පඳහා නිරීක්ෂණ සවිකිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

චීන ජාතික සරණාගතයෙකුගේ නීතීඥවරුන් විසින් එම පෙත්සම ගොණු කර ඇත්තේ අදාළ ක්‍රියාව අත්තනෝමතික සහ අසාධාරණ යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලමිනුයි.

සති 02 කට පමණ ඉහතදී නිදහස් කරනු ලැබූ අනවසර සංක්‍රමණිකයන් 93 දෙනාට රාත්‍රී 10 ත් පෙරවරු 06 ත් අතර කාලයේදී නිවසින් පිටතට යා නොහැකි අයුරින් සංචරණ සීමා පණවා ඇති බවයි පෙත්සමේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මෙවැනි ගතානුගතික පැරණි නීති යල්පැන ගිය ඒවා බවටයි පෙත්සම්කාර පාර්වයේ නීතීඥවරුන් තර්ක කරන්නේ.

මෙලෙස නිදහස් කල සංක්‍රමණිකයන්ට නිසි වීසා බලපත් නිකුත් කර නොමැති බවටද මේ වනවිට චෝදනාවක් එල්ලවී පවතිනවා.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »