Search

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන සිදුවීම් වළක්වාලීම සඳහා යෝජනා මාලාවක්

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන තුළ ලිංගික හිංසන සිදුවීම් වළක්වාලීම සඳහා ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයේ අධ්‍යාපන අමාත්‍යවරුන් ප්‍රධාන යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා.

ශිෂ්‍ය ගැටලු සඳහා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීම – ජාතික මට්ටමේ විනය මාලාවක් පැණවීම සහ සෑම සිදුවීමක්ම වාර්තා කිරිම අනිවාර්ය කිරීම ඒ අතර වනවා.

2020 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම සරසවි සිසුන් 14,300 ක් පමණ විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදීම විවිධ ලිංගික හිංසනවලට ලක්වී ඇති බවයි මෑතකදී සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවක දැක්වුණේ.

ඇතැම් විශ්ව විද්‍යාල පාලනාධිකාරීන් විසින් මෙවැනි සිදුවීම් වාර්තා නොකිරීම ලිංගික හිංසන වළක්වාලීමට ඇති ප්‍රධානම බාධාවක් බවත් එබැවින් එය අනිවාර්ය කල යුතු බවටත් අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් සාමූහික තීන්දුවක් ගෙන තිබෙනවා.

එමෙන්ම සෑම උසස් අධ්‍යාපන ආයතනයකම සෑම අධ්‍යයන දෙපාර්තමේන්තුවකම ශිෂ්‍ය උපදේශකයන් පත් කිරීමද යෝජනා අතර වනවා.

ඒ අනුව කිසියම් හිංසන සිදුවීමක් වූ වහා බොහෝ පිරිසකට පැවසීම වෙනුවට අවම පිරිසක් දැනුවත් කිරීම හරහා ගැටලුව ඉහළ බළධාරීන් වෙත යොමු කෙරෙනු ඇති.

ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 39 ක් විසින් මෙම යෝජනාවලියට අත්සන් තබා ඇති නමුත් ඇතැමුන් ඊට අදිමදි කර ඇති බවටද වාර්තා පළවනවා.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »