
පලස්තීන ජාතිකයන් 860 දෙනෙකුට ගතවූ සති කිහිපය තුළදී තාවකාලික ඔස්ට්‍රේලියා වීසා පිරිනමා ඇති බව ෆෙඩරල් රජය අනාවරණය කරනවා.
එමෙන්ම ඔක්තෝබර් 07 වනදායින් පසු ගතවූ කාලසීමාව තුළ ඊශ්‍රායල ජාතිකයන් 1,793 දෙනෙකුටද ඔස්ට්‍රේලියාවට ඇතුලුවීම සඳහා වීසා බලපත් නිකුත් කර ඇති බවයි විදේශ ඇමතිනී පෙනී වොංග් සඳහන් කලේ.
මෙම දෙපිරිසටම නිකුත් කර ඇති වීසා බලපත්‍රය අනුව මාස 03 ත් 12 ත් අතර කාලයක් මෙරට රැඳී සිටිය හැකියි.

යුධ ගැටුම් ආරම්භවීමෙන් පසු ගතවූ කාලය තුළ ඔස්ට්‍රේලියානු පුරවැසියන් – ස්ථිර පදිංචිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුලු 127 දෙනෙකුට ආරක්ෂාකාරීව ගාසා තීරයෙන් පිටත්වීමට පහසුකම් සළසා ඇති බවද අනාවරණය කෙරුණා.
වීසා නිකුත් කෙරුණු පලස්තීන ජාතිකයන්, ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි විදේශ ඇමතිනී පෙනී වොංග් අවධාරණය කලේ.

මෙරට ආරක්ෂක අංශ ඇතුලු වගකිවයුතු පාර්ශව විසින් නිරතුරුවම ඔවුන් පිළිබඳ අවධානයෙන් පසුවන බවද අමාත්‍යවරිය සඳහන් කලා.