වසරකදී ඔස්ට්‍රේලියානුවන්ට නොලැබෙන වැටුප් ප්‍රමාණය $ බිලියන 131 ඉක්මවයි

අතිකාල වැනි දෑ සඳහා නිසි ලෙස ගෙවීම් නොමැතිවීමෙන් වසරකට ඔස්ට්‍රේලියානුවෙකුට අහිමිවන වැටුප් මුදල ඩොලර් 11,000 කට ආසන්න විය හැකි බවට ගණන් බලා තිබෙනවා.

ඒ අනුව සතියකට එක් අයෙකු විසින් වැටුප් නොමැතිව රාජකාරි කරන පැය ගණන 05 කට අධික බවටයි තක්සේරු කර ඇත්තේ.

එය වසරකට පැය 281 ක් හෙවත් වැඩ කරන දින අනුව වැඩ කරන සති 07 කට අධික බව නවතම වාර්තාවක දැක්වෙනවා.

මේ අනුව වසරකදී සමස්ත ඔස්ට්‍රේලියානු වැඩ කරන ප්‍රජාවට ලැබිය යුතු වැටුප් අතුරින් ඩොලර් බිලියන 131 ක් නොලැබී යන බවටයි ගණන් බලා ඇත්තේ.

ගෙවීම් පැහැර හැරීම් වැඩිම වශයෙන් සිදුවන්නේ පූර්ණ කාලීන සේවකයන්ට වන අතර එයින්ද වැඩිම අසාධාරණයකට ලක්වන්නේ වයස අවුරුදු 18 ත් 29 ත් අතර වයස් කාණ්ඩයයි.

ඔවුන්ට සතියකට පැය 07 ක පමණ වැටුප් නොලැබෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »