
ශාන්ත කිල්ඩා සහ මෙල්බන් CBD ඇතුලු නාගරික ප්‍රදේශවල ට්‍රෑම් සේවා වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අලුතින් ආරක්ෂක නිළධාරීන් 14 දෙනෙකු බඳවාගෙන ඇති බවයි යාරා ට්‍රෑම්ස් විසින් නිවේදනය කලේ.
කළහකකාරී ලෙස මගීන් හැසිරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන සහ මාර්ග ආවරණය වන පරිදි ඔවුන් සේවයේ යෙදවෙනු ඇති.

ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයන් හා සමාන බලතල මොවුන්ටද හිමිවන නමුත් කිසිදු ආයුධයක් ඔවුන් සතු නොවීමද විශේෂත්වයක්.
එහෙත් කළහකාරී මගීන් අත්අඩංගුවට ගැනීම – රඳවා ගැනීම සහ ස්ථානීය දඩ නිකුත් කිරීම වැනි බලතල ඔවුන්ට පවරා තිබෙනවා.

මෙල්බන් ට්‍රෑම් සේවා වල මගීන් නොසන්සුන්ව හැසිරීමේ සිදුවීම් රැසක් මෑතකාලීනව වාර්තා වුණා.