
සිකුරාදා දිනයේදී සංවිධාන කර ඇති පලස්තීන හිතවාදී රැළියකට සහභාගීවීමෙන් වළකින්නැයි නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ප්‍රාන්තයේ ගුරුවරුන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.
පාසල් පරිශ්‍ර තුළ කිසිදු දේශපාලන කටයුත්තකට ඉඩක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.
එමෙන්ම පාසල් කාල වේලාවන් තුළදි ගුරුවරුන් දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය ස්වභාවයක පසුවිය යුතු බවටද නිවු සවුත් වේල්ස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර සිකුරාදා දිනයේදී ඉගැන්වීම් සඳහා සහභාගී නොවී පලස්තීන හිතවාදී විරෝධතාවයකට සහභාගී වන්නැයි සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන ප්‍රචාරයන්ට හසු නොවන්නැයිද නිවු සවුත් වේල්ස් අධ්‍යාපන බළධාරීන් දන්වා සිටිනවා.
ඊශ්‍රායල – පලස්තීන අර්බුදය ආරම්භවීමෙන් පසු ගතවූ සති 06 ක කාලය තුළදී සිඩ්නි නගරයේදී පවත්වා ඇති විරෝධතා ගණන 73 ක් බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.
