​කෝවිඩ් පැණිය ඉල්ලා කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට​ සිය ගණනක් පෙළ ගැසී සිටි අතරේ 5 දෙනෙකු අත්අඩංගුවට!

කෝවිඩ් පැණිය ඉල්ලා කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට​ සිය ගණනක් පෙළ ගැසී සිටි අතරේ 5 දෙනෙකු අත්අඩංගුවට!

කොරෝනා වෛරසය සඳහා දේශීය ප්‍රතිකාරය මෑතකදී සොයාගත් ධම්මිකා බන්ඩාරාගේ නිවස අසලදී පුද්ගලයින් 5 දෙනෙකු  ඊයේ වරකපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් සතුව ව්‍යාජ නිරෝධායන සහතික තිබූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන් පැමිණ ඇත්තේ කෝවිඩ් පැණිය ධම්මිකා බන්ඩාරාගෙන් ලබා ගැනීම සඳහා ය.

වැඩිදුර දැනුම් දෙන තුරු පැණිය බෙදා හැරීම අත්හිටුවා ඇති බව ධම්මිකා බණ්ඩාරාගේ නිවසේ ගේට්ටුවේ අලවා ඇති පෝස්ටරයක් මඟින් ​​දැනුම් දී ඇති බව සඳහන්.

මෙම ඖෂධය ලබාදීම මේ වන විට සම්පුර්ණයෙන්ම නතර කොට ඇති පසුබිමක එය ලබා දෙන ලෙස ඉල්ලා රැස්වී සිටි ජනතාව නැවත හරවා යැවීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වුවත් මෙහිදී එක් පුද්ගලයෙක් කියා සිටියේ තම බිරිඳ කොවිඩ් ආසාදිතයෙක් බවත් තමන්ට මෙම ඖෂධය ලබා දෙන්නැයි ඉල්ලා තිබේ.

 

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »