ඔස්ට්‍රේලියානුවන් අතුරින් මිලියන 4.2 ක් සහකරු අතින් හිංසනයට

ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 21 ක් හෙවත් මිලියන 4.2 කට ආසන්න පිරිසක් කුමන හෝ අවස්ථාවක සිය සහකරු අතින් හිංසනයකට ලක්ව ඇති බවට හෙළිකරගෙන තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් අද නිකුත් කල නවතම වාර්තාවකට අනුව අවුරුදු 15 ඉක්මවූ කාන්තාවන් ඊට වැඩි වශයෙන් ගොදුරුවන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ගර්භණී සමයේ පසුවන කාන්තාවන් විවිධ ප්‍රචණ්ඩ සිදුවීම්වලට ලක්වීමේ ප්‍රතිශතය සියයට 42 ක් ලෙසයි අනාවරණය වන්නේ.

අවුරුදු 18 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 14 ක් හෙවත් මිලියන 2.7 කට ආසන්න පිරිසක් ළමා වියේ කුමන හෝ අවස්ථාවක අපයෝජනයකට ලක්වී ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

අවුරුදු 15 ට පෙර දෙමව්පියන් අතින් සියයට 13 ක්ද – වෙනත් පිරිස් අතින් සියයට 28 ක්ද කුමන හෝ හිංසනයකට ලක්ව ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් අද නිකුත් කල නවතම වාර්තාවක සඳහන් වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »