ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් 250,000 කට පමණ එක් වරක් පමණක් ගෙවන ජීවන වියදම් දීමනාවක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නත්තලට පෙර ලබාදීමට නියමිත මෙම දීමනාව වැටුප් පරිමාණය අනුව ඩොලර් 1,400 ත් 2,200 ත් අතර වනු ඇති.
මේ සඳහා ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 350 ක්.
උද්ධමනයට සාපේක්ෂව පහළ වැටුපක් හිමිවන රාජ්‍ය සේවකයන්ට පමණක් මෙම දීමනාව හිමිවනු ඇති.
ඉදිරි වසර 03 ට අදාළව රාජ්‍ය සේවකයන් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය අතර ඇතිකරගත් එකගතාවයට අනුව මෙම වැටුප් වැඩිකිරීම සිදුවනවා.