Search

AI අවභාවිතයට ඉඩ සළසන සමාජ ජාල සඳහා $ 787,000 ක දඩ

කෘත්‍රීම බුද්ධිය අවභාවිතයට ඉඩ සළසන සහ වර්ගවාදී අදහස් ප්‍රචාරයට අනුබල දෙන සමාජ මාධ්‍ය ජාල සඳහා ඩොලර් 787,000 ක දඩ පැණවෙන නව නීති හඳුන්වාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

විශේෂයෙන් ළමුන් ඇතුලු සමස්ත මහජන ආරක්ෂාව සළකා ඔන්ලයින් ආරක්ෂා පණතට මෙම සංශෝධන හඳුන්වා දෙන බවයි සන්නිවේදන විශය භාර ඇමතිනී මිචෙල් රෝලන්ඩ් සඳහන් කලේ.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා සකස් කරන ලද විකෘතිමය ඡායාරූප සහ වීඩියෝ වහා සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමද මෙහිදී සිදුවනු ඇති.

මේ සඳහා සන්නිවේදන සමාගම් විසින් උපරිම සහය පළකල යුතු අතර ඒ සඳහා අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිවද දැඩි පියවර ගැනීමට නියමිතයි.

ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සයිබර් අවකාශය තුළ ප්‍රමාණවත් නීති නොමැති බවට පාර්ශව රැසක් විසින් ෆෙඩරල් රජයට දිගින් දිගටම කල චෝදනා සඳහා ප්‍රතිචාර දක්වමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෑතක සිට කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය අතිශය ජනප්‍රියවීමත් සමග විවිධ අසභ්‍ය දෑ නිර්මාණයට කුඩා ළමුන් සහ ජනප්‍රිය චරිතවල ඡායාරූප යොදා ගැනීම ඉහළ අගයක් ගැනීමද මෙම නව නීති සඳහා හේතු වී තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »