Search

ලෝක කුසලානය දිනා මව්බිමට ආ ඔස්ට්‍රේලියා නායකයා කියූ දේ

එක්දින ලෝක ශූර ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු නැවත මව්බිමට පැමිණ තිබෙනවා.

සිඩ්නි සහ මෙල්බන් ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ සිටි බව සඳහන්.

නායක පැට් කමින්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් සිඩ්නි ගුවන් තොටුපළට ළගාවී තිබුණා.

එහිදී මාධ්‍ය අවත අදහස් දක්වමින් නායක පැට් කමින්ස් කියාසිටියේ සිය නායකත්වය යටතේ ලෝක කුසලානය නැවත මව්බිමට ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි.

කැමරන් ග්‍රීන් / ඇලෙක්ස් කේරි / මිචෙල් මාර්ෂ් සහ පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනලඩ් මෙල්බන් ගුවන් තොටුපළින් මෙරටට ළගාවී තිබුණා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තවමත් ඉන්දියාවේ රැඳී සිටින්නේ ඉන්දියාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියට සහභාගීවීම සඳහායි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »