Search

ණය / රක්ෂණ සහ superannuation ගැන ලබන වසරේදී වැඩි අවධානයක්

ඔස්ටේ්‍රලියානුවන් විසින් ලබාගෙන ඇති නිවාස හා වාහන ණය / රක්ෂණ සහ superannuation සම්බන්ධයෙන් ලබන වසරේදී වැඩි අවධානයක් යොමු කරන බව සුරැකුම් සහ ආයෝජන කොමිසම පවසනවා.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ බොහෝ පිරිසක් විවිධ අයථා මූල්‍ය ක්‍රම හරහා අයුතු වාසි ලබාගැනීමට තැත් කිරීම ඊට හේතුවයි.

පසුගිය වසරේදීත් මෙවැනි අයථා ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසකට එරෙහිව නඩු පවරා වාර්තාගත දඩ මුදලක් උපයා ගැනීමට හැකිවූ බවත් ආයෝජන කොමිසම නිකුත් කර ඇති වාර්තාවල දැක්වෙනවා.

එමෙන්ම ඩිජිටල් මූල්‍යමය ගණුදෙනු ක්‍රම පිළිබඳ සමීපව නිරීක්ෂණය කරන බවටද සුරැකුම් සහ ආයෝජන කොමිසම දන්වා සිටිනවා.

නීතිමය හිඩැස් අතරින් රිංගා යාමට තැත් කරන මූල්‍ය ආයතන සම්බන්ධයෙන්ද දැඩි පියවර අනුගමනය කිරීමටයි ඔවුන් තවදුරටත් පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »