ඉදිරි වසර 07 සඳහා ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙලට $ මිලියන 586 ක්

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතන සයිබර් ප්‍රහාරවලින් වළක්වාලීමට අදාළව ඉදිරි වසර 07 සඳහා වන සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඩොලර් මිලියන 586 ක ප්‍රතිපාදන වෙන් කර ඇති එම සැලසුම යටතේ සයිබර් අපරාධකරුවන් අඩපණ කිරීම – සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම – ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහන පුලුල් කිරීම ඇතුලු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති.

සයිබර් ප්‍රහාර සිදුවීම් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා ව්‍යාපාර වෙනුවෙන් පමණක් වෙන් කර ඇති තනි මාර්ගයක් හඳුන්වාදීම ද මේ යටතේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දත්ත අවභාවිත සිදුවීම් සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබානොදෙන ආයතන සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා බලතල හඳුන්වාදීමටද යෝජිතයි.

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ වෘත්තීන් සඳහා විදේශයන් හි සිට නිපුණතා ශ්‍රමිකයන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමද නව මාර්ග සැලසුමට අන්තර්ගතයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »