විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්වූවන් විසින් සිදුකරනු ලබන බරපතල අපරාධ 70 කට ආසන්න සංඛ්‍යාවක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකට වාර්තා වන බව ප්‍රාන්ත පොලිසිය පවසනවා.
එයින් වඩාත් අවධානම් සහගතම අපරාධ සඳහා වගකිවයුතු වන්නේ අවුරුදු 12 ත් 14 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන යෞවනයන් බව සඳහන්.
දෙවන ස්ථානයේ පසුවන්නේ අවුරුදු 15 ත් 17 ත් අතර පසුවන තරුණයනුයි.
ඇප මත නිදහස්ව සිටින්නන් විසින් පසුගිය වසරේදී සිදුකර ඇති වසර 02 ක සිර දඩුවම් නියමකල හැකි වැරදි සංඛ්‍යාව 26,550 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.
කෙසේවෙතත් වික්ටෝරියාවේ ජනගහණය හා සැසඳීමේදී අපරාධ ප්‍රතිශතය සෙසු ප්‍රාන්තවලට සාපේක්ෂව පහළ අගයක පවතින බවයි ප්‍රාන්ත අගමැතිනී ජසින්ටා ඇලන් පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමේ අවස්ථාව උදාකරදීම ලේබර් රජයේ අපේක්ෂාව බවද ඇය කියාසිටියා.