
නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා ගමන් කරන ජනතාවට ඉඩ සලසන ‘Traffic Light’ බලපත්‍ර පද්ධතියක්!
අද(19/12) මධ්‍යම රාත්‍රියෙන් පසුව, නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා ගමන් කිරීම සඳහා බලපත්ර නිකුත් කිරීම ආරම්භ වන අතර එය සම්පූර්ණ කිරීමට මිනිත්තු පහක් ගත වන නමුත් සෑම කෙනෙකුම සාර්ථක අයදුම්කරුවෙකු නොවනු ඇත.
NSW උතුරු වෙරළ තීරය ‘දැඩි අවදානම් කලාපයක් (Red Zone)’ ලෙස සැලකෙන බැවින්, එම ප්‍රදේශයේ ජනතාවට බලපත්‍රයක් ලබා නොදෙන අතර එම කලාපයේ වෙසෙන ජනතාවට වික්ටෝරියා වෙත යාමට ඉඩ නොදේ.

සිඩ්නි නුවර ‘සාමාන්‍ය අවදානම් කලාපයක් (Orange Zone)’ ලෙස සලකනු ලබන අතර, නිවැසියන්ට වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණි පසු කොරෝනා පරීක්‍ෂණය සිදු කර ප්‍රතිඵල ලැබෙන තෙක් ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් දේ.
කලාපීය NSW ‘අඩු අවදානම් කලාපයක් (Green Zone)’ලෙස සලකනු ලබන අතර, නිවැසියන්ට වලංගු අවසර පත්‍රයක් සමඟ වික්ටෝරියා වෙත ඇතුළුවීමට අවසර දෙනු ඇති අතර ඕනෑම රෝග ලක්ෂණයක් මතු වුවහොත් එය නිරීක්ෂණය කිරීමට ඉල්ලා සිටි.

අවසර පත්‍ර අයදුම්පත පහතින් ලබා ගත හැකිය.
https://www.service.vic.gov.au/services/border-permit/home
මෙම බලපත්‍රය සඳහා ඉල්ලුම් කරන අයට ඔවුන්ගේ විද්‍යුත් තැපැල් නිරතුරුවම පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.
හදිසි වෛද්ය ප්රතිකාර ලබා දෙන හෝ ලබා ගන්නා අය මෙම බලපත්‍රය සඳහා අයදුම් කිරීම අවශ්ය නොවේ. බස් රථයක ගමන් කරන පාසල් සිසුන් හෝ දේශ සීමාවේ පදිංචිව සිටින අය ද මෙම බලපත්‍රය සඳහා අයදුම් කිරීම අවශ්ය නොවේ.
සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් පසුව වික්ටෝරියා පොලිසිය දේශ සීමා අතර මුර සංචාර ආරම්භ කරනු ඇත.