වික්ටෝරියා නවක ගුරුවරුන්ට දිනකට $ 420 ක දීමනාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල අධ්‍යාපනය හදාරා ගුරුවරුන් ලෙස පුහුණුව ලබන නවක ගුරුවරුන්ට (student teachers) දිනකට ඩොලර් 420 ක් බැගින් වන දීමනාවක් පිරිනැමීමට ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තියක නියැළීමේදී මුහුණපාන ආර්ථික පීඩඩනය මගහරවා ගැනීම මෙන්ම දුෂ්කර හා ප්‍රාදේශීය කලාප පාසල්වල ගුරු හිගය මගහරවාලීමයි මෙහි අරමුණ වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ජසින්ටා ඇලන් සඳහන් කලේ මේ සඳහා ඩොලර් මලියන 32.2 ක මුදලක් ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති බවයි.

ගුරු වෘත්තියට පිවිසීමේදී ඔවුන්ට මුහුණපෑමට සිදුවන නවාතැන් පහසුකම් ගැටලුව වැනි ප්‍රශ්න රැසකට මෙමගින් විසඳුම් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ගුරු උපාධියක් සහිත වික්ටෝරියානුවන් 11,000 කට පමණ 2025 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා මේ සඳහා ඉල්ලුම් කල හැකියි.

ගුරු උපාධියක් හදාරන පිරිස් වෙනුවෙන් නොමිළයේ අධ්‍යාපනය සැපයීම සඳහා ද වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෑතකදී ඩොලර් මිලියන 93.2 ක මුදලක් වෙන් කරනු ලැබුවා.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »