වර්ගවාදී අදහස් සම්බන්ධ නීති දැඩි කිරීමට අදාළ යෝජනාවක් NSW පාර්ලිමේන්තුවට

අපහාසාත්මත සහ තර්ජනාත්මක වර්ගවාදී අදහස් පළකිරීම් සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට අදාළ යෝජනාවක් නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ චෝදනා සඳහා වරදකරුවෙකු වන පුද්ගලයන්ට මෙතෙක් පැවති ලිහිල් නීති රීති වෙනුවට දැඩි දඩු්වම් ලබාදීමට නියමිතයි.

මෙතෙක් පැවති නීති අනුව නීතිපති උපදෙස් ලබාගැනීමේ දැඩි ප්‍රමාදයන් පැවති අතර ඇතැම්විට චෝදනා ගොණු කිරීම සඳහා මාස ගණනක් පවා ගතවූ අවස්ථාද දක්නට ලැබුණා.

එහෙත් අගහරුවාදා පස්වරුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කල නීති සංශෝධන යටතේ එම හිඩැස් සියල්ල ආවරණය කර ඇති බවයි පැවසෙන්නේ.

මෑතකාලීනව නිවු සවුත් වේල්ස් හි වර්ගවාදී අදහස් දැක්වීම්වල ඉහළයාම සැළකිල්ලට ගෙනයි ප්‍රාන්ත රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »