සති 02 ක වැටලීම්වලදී නීති විරෝධී ඊ- දුම්වැටි ටොන් 35 ක් වටලයි

සති 02 කට ආසන්න කාලයක් තුළ සිදුකල වැටලීම්වලදී නීති විරෝධී ඊ- දුම්වැටි ටොන් 35 කට අධික ප්‍රමාණයක් වටලා තිබෙනවා.

මින් අති බහුතරයක නියමිත ප්‍රමාණය ඉක්මවා නිකොටීන් අන්තර්ගත බවයි පැවසෙන්නේ.

අවවාදාත්මක ලේබල් නොමැතිවීම සහ අනතුරුදායක වෙනත් රසායනික අන්තර්ගත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ද මෙලෙස වටලනු ලැබූ ඒවා අතර වන බවට හඳුනාගෙන තිබෙනවා.

ළමුන් – යෞවන යෞවනියන් සහ තරුණ පිරිස් ඉලක්ක කර අලෙවි කිරීමටයි මෙම ඊ-දුම්වැටි සූදානම් කර තිබී ඇත්තේ.

ඇතැම් ඒවා USB drive හා සමාන ආකාරයෙන් නිපදවා ඇති අතර පරීක්ෂා කිරීමකදී එක්වරම හඳුනාගත නොහැකි ආකාරයෙන් සකස් කර තිබීමද විශේෂත්වයක්.

ඊ-දුම්වැටි සම්බන්ධයෙන් ෆෙඩරල් රජය දැඩි රෙගුලාසි මාලාවක් හඳුන්වාදීමට නියමිත අතර ඒ අනුව TGA හි අනුමැතියකින් තොරව ඒවා ආනයනය කිරීම පවා තහනම් වනු ඇති.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »