නිදන්ගත කැස්ස රෝගීන්ට x-ray පරික්ෂණයක් වෙත යොමුවන්නැයි උපදෙස්

නිදන්ගත කැස්ස ඇති රෝගීන්ට පපුවෙහි x-ray පරික්ෂණයක් වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් වැඩි පිරිසක් අතර කැස්ස රෝගය සාමාන්‍ය තත්වයක් වන අතර ජනගහනයෙන් සියයට 8.8 කට නිදන්ගත කැස්සක් ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

වැඩිහිටි පුද්ගලයින් සදහා මාස දෙකකට වඩා වැඩි කාලයක් ද කුඩා ළමුන් සදහා මසකට වැඩි කාලයක් කැස්ස පවතින්නේ නම් ඔවුන් නිදන්ගත කැස්ස සහිත පුද්ගලයින් ලෙස ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සගරාව නම් කර තිබෙනවා.

දුම් පානයෙන් තොර පුද්ගලයින් අතර නිදන්ගත කැස්ස වැළදීම සියයට 03 ක් වන අතර දුම්පානය සඳහා ඇබ්බැහිවුවන්ගෙන් සියයට 08 කට නිදන්ගත කැස්ස පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.

ස්වදේශික ජනතාව අතර නිදන්ගත කැස්ස වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ස්වදේශික ළමුන්ගෙන් සියයට 13 ක් පමණ එයිව් පෙළන බව සඳහන්.

මේ අතර නිදන්ගත කැස්ස පවතින ස්වදේශිකයින් හා සෙසු ඔස්ටේ්‍රලියානුවන් අතර මරණ අනුපාතික පරතරය අවුරුදු 22 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »