2030 විද්‍යුත් වාහන ඉලක්කය 62% කින් පහළ යන ළකුණු

2030 වසර වන විට නව මෝටර් රථ වලින් මිලදී ගැනීම් වලින් තුනෙන් එකක්ට වඩා අඩු ප්‍රමාණයක් විද්‍යුත් වාහන වෙත යොමුවන බව ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ඒ අනුව 2030 වසර වන විට විද්්‍යුත් වාහන අලෙවිය සියයට 27ක අගයක් ගනු ඇති.

මීට පෙර විද්්‍යුත් වාහන අලෙවිය සියයට 89ක් දක්වා ඉහළ යන බවට පුරෝකතනය කර තිබුණ ද නවතම ඇස්තමෙන්තු වාර්තා මගින් පෙනී යන්නේ එම අගය පහත වැටීමක් සිදු වන බවයි.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් විද්‍යුත් වාහන සදහා බදු සහන මෙන්ම ගාස්තු අඩු කිරීම් සිදු කරන බවට කළ පූර්ව මැතිවරණ ප්‍රචාරණ හේතුවෙන් විද්‍යුත් වාහන වෙත යොමුවන අගය සියයට 89ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර තිබුණා.

කෙසේ වෙතත් 2030 වසර වන විට ඔස්ටේ්‍රලියාවේ කුඩා වාහන අතුරින් සියයට 5ක් වැනි කුඩා අගයක් විද්‍යුත් වාහන සදහා වෙන් වන බවයි ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇත්තේ.

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »