
මෙම වසරේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සිය දිවි නසා ගැනීමේ අගය පසුගිය වසර හා සමාන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් නිකුත් කල නවම වාර්තාවකින් හෙළිව තිබෙනවා.
දැනට ක්‍රියාන්විත සේවයේ නියුතු ආරක්ෂක අංශ පිරිමි සාමාජිකයින් විසින් සියදිවි හානි කර ගැනීම සාමාන්‍ය වැසියන්ගේ එම අගයට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව ද සඳහන්.
කෙසේ වෙතත් දැනට සේවයෙන් ඉවත්ව ඇති හිටපු ආරක්ෂක අංශ පිරිමි සාමාජිකයින් විසින් සියදිවි නසා ගැනීමේ අගය සියයට 26 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

1985 වසරේ ජනවාරි පළමුවන දා සිට මෙතෙක් එක් දිනක් පමණක් හෝ ආරක්ෂක අංශ සේවයේ නිරතව සියදිවි නසා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,677 ක්.
මේ අතර 1997 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ මෙලෙස ආරක්ෂක අංශයන්හි සේවයේ නියුතුව සිටි පුද්ගලයින්ගේ සියදිවි නසා ගැනීමේ අනුපාතිකය සමාන මට්ටමක් ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය සදහන් කරන්නේ මෙලෙස ආරක්ෂණ අංශ සාමාජිකයින්ගේ සියදිවි නසා ගැනීමේ අනුපාතිකය තවදුරටත් එකාකාරි මට්ටමක පවතී ද නැතහොත් එම දත්තයන් පිළිබද යළිත් විමර්ෂණය සිදු කල යුතු ද යන්න පිළිබද අවධානය යොමු කල යුතු බවයි.