දැරිය නොහැකි පිරිවැය නිසා වෛද්‍ය සායන වෙත යොමු නොවන පිරිස 07% දක්වා ඉහළට

දැරිය නොහැකි පිරිවැය හේතුවෙන් වෛද්‍ය සායන වෙත යොමු නොවන පිරිස සියයට 07 දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලින් තහවුරු වී තිබෙනවා.

මෙම තත්වය පසුගිය 2021 සහ 2022 වසර හා සැසඳීමේදී දෙගුණයක ඉහළයෑමක් බව සඳහන්.

සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දැරිය නොහැකි පිරිවැය හේතුවෙන් මානසික සෞඛ්‍ය ගැටලූ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් හමුවීම ප්‍රමාද කර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් වයස අවුරුදු 65 ඉක්මවු පුද්ගලයින්ට සාපේක්ෂව වයස අවුරුදු 15 – 24 වියෙහි පසුවන තරුණ ප්‍රජාව මානසික සෞඛ්‍ය සදහා ප්‍රතිකාර වෙත යොමු නොවීම සියයට 8.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද අධික වියදම හේතුවෙන් අත්‍යවශ්‍ය හේතුන් මත රෝහල් ගත වීම ප්‍රමාද කිරීම 2021 – 2022 වසර තුල සියයට 1.8 ක් ලෙස පැවතියද 2022 – 2023 කාලවකවානුවේ දී එම අගය සියයට 3.2 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මුදල් ගෙවා ලබා ගැනීමට නිර්දේශ බෙහෙත් වට්ටෝරු මිලදී ගැනීම ද අවම මට්ටමක පවතින අතර 2022 – 2023 අතර කාලවකවානුව තුල එම අගය සියයට 7.6 ක් දක්වා ඉහල ගොස් ඇති බව සඳහන්.

සියයට 11.1 ට වඩා වැඩි පිරිසක් දුෂ්කර මෙන්ම අඩු පසසුකම් හේතුවෙන් වෛද්‍යවරුන් හමුවීම ප්‍රමාද කිරීම ඉතා බරපතල තත්වයක් බව සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තා පෙන්වා දෙනවා.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය රෝගීන් ඒ සඳහා පැය 24 ක් හෝ ඊට වැඩි කාලයක් රැදීසිටීමට සිදුවන අවස්ථා සියයට 45.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අඩු පහසුකම් සහිත පුද්ගලයින් සදහා හදුන්වා දුන් ටෙලි හෙල්ත් උපදේශන සේවා වෙත යොමු වන පිරිස ද පදුගිය මාස 12 ක කාලය තුළ සියයට 27.7 වැනි අවම අගයක් ගැනීම ද බරපතල තත්වයක් ලෙසයි සටහන්ව ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »