Search

ක්වින්ස්ලන්ඩ් විද්‍යුත් ස්කූටර් සහ පාපැදි නව නීති ගැන දැඩි විරෝධතාවක්

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විද්‍යුත් ස්කූටර් සහ පාපැදි සඳහා හඳුන්වා දී ඇති නව නීති සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් මතුව තිබෙනවා.

අනාරක්ෂිත පාපැදිකරුවන් හා ස්කුටර් පදවන්නන් පාලනය කිරීමේ අරමුණින් පසුගිය දා නව දඩ ක්‍රමයක් හඳුන්වා දීමේ යෝජනාවක් පාර්ලිමේත්තුව වෙත ඉදිරිපත් කර තිබුණා.

යෝජිත නීති යටතේ පාපැදිකරුවන් අදාළ මංතීරු වල මෙන්ම ඇවිදින මංතීරු තුළ නොසැලකිලිමත්ව පාපැදි හැසිරවීම තහනම් වන අතර එවැනි රියදුරන්ට එරෙහිව ඩොලර් 6,192 ක් දක්වා දඩ පැනවීමට නියමිතයි.

පාපැදිකරුවන් චෝදනා නගන්නේ යෝජිත නිති යටතේ පාපැදිකරුවන් හට ධාවනය අතරතුර ජලය පානය කිරීමට, අනෙක් පාපැදි කරුවන් සමග කතා කිරීම හා ධාවන ඉරියව් වෙනස් කිරීමේ හැකියාව ද සීමා වන බවයි.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන හා ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එවැනි සාමාන්‍ය ක්‍රියා සඳහා දඩ පැණවීමක් සිදු නොවන බවයි.

අදාල නීතිය මෙතක් සම්මත කර නොමැති අතර පාපැදිකරුවන් මාර්ගවල සිටියදී දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවයි පැවසෙන්නේ.

පාපැදි සංගම් පෙන්වා දෙන්නේ අදාළ නීති පාපැදි අනතුරු සදහා පමණක් බලාත්මක කිරීම වඩාත් සුදුසු වන අතර යෝජිත නීතිය යටතේ නොසැලකිලිමත් ලෙස පාපැදි භාවිතය යන්න නිසි ආකාරයෙන් අර්ථ දක්වා නොමැති බවයි.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »