
2027 වසරේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයටත් ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.
දැනට 37 වන වියෙහි පසුවන ඔහු මෙවර ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ඇති බවටයි වාර්තා පළවී තිබුණේ.
කෙසේවෙතත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමක් පිළිබඳ තමා මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඩේවිඩ් වෝර්නර් පවසා සිටින්නේ.

ඇතැම්විට ඉදිරි වසරක පමණ කාලයේදී පැවැත්වෙන තරගාවලි සහ සෞඛ්‍ය තත්වය සළකා බලා අවසන් තීරණයක් ගැනීමටයි ඔහු සූදානමින් පසුවන්නේ.
MORE –
